:::: MENU ::::
  • Suitable for all screen sizes

  • Easy to Customize

  • Customizable fonts.

Simple, responsive theme, suitable for personal or corporate blog.

Sunday, July 26, 2020

Saturday, November 9, 2019


දඹදිව මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි - චේතියගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති සැරියුත්-මුගලන් අගසව් ධාතුන් වහන්සේලා මහජන වන්දනාවට වාර්ෂිකව ප්‍රදර්ශනය කරන, සාංචිමේලා මහෝත්සවය මෙවර නොවැ. 23 සහ 24 දෙදින පුරා පැවැත්වේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සාංචිමේලා උත්සවය 67 වන වරටත් මෙවර ශ්‍රී ලංකා මහබෝධි සංගමය, සාංචි චේතියගිරි විහාරය හා ඉංදීය මධ්‍යප්‍රදේශ් රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පවත්වනු ලැබේ.




කීර්තිමත් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ගවේෂකයෙකු වන ශ්‍රීමත් මේජර් ඇලෙක්සැන්ඩර් කනිංහැම් සහ කපිතාන් එෆ්.සි.මෙයිසි  (1851 ද) සිදුකළ සාංචි නටඹුන් කැනීම්වලදි හමු වූ සැරියුත්-මුගලන් අගසව් ධාතුන් වහන්සේලා තැන්පත් කර, එවකට ප්‍රදේශයේ මහරාජා වූ නවාබ් සහීබ් සුල්තාන්තුමාගේ ඉල්ලීම පරිදි ඉංදීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරු මැතිතුමා 1952 දී, සාංචි චේතියගිරි විහාරස්ථානය ඉදිකර, අතිපූජ්‍ය මැටිවල සංඝරතන නා හිමියන්ට බාර දුන්නේය. එවක් පටන් ඉංදීය සහ ලෝක බෞද්ධ ජනයාට වන්දනාමාන කිරීම සදහා සෑම වසරකම නොවැම්බර් මාසයේදි මෙසේ විහාරස්ථානීය ධාතු ගර්භයෙන් මෙම අගසව් ධාතුන් වහන්සේලා පිටතට වඩම්මවා ප්‍රදර්ශනය කරන බව සාංචි-චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙවර සාංචිමේලා උත්සවයේ ගෞරවනීය ප්‍රධාන ආරාධිතයන් ලෙස ඉංදීය මධ්‍යප්‍රදේශ් රජයේ සංස්කෘතික, වෛද්‍ය,අධ්‍යාපන හා ආයුෂ් අමාත්‍ය  විජයලක්ෂ්මි සාද්හෝ මැතිණිය, ( Dr.Vijayalaxmi ) මධ්‍යප්‍රදේශ් ප්‍රාථමික අධ්‍යාපන අමාත්‍ය  ප්‍රභූරම් චෞද්රි (Prabhuram Choudhry) සහ ඉංදියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු යන අය ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙවර සාංචිමේලා උත්සවයට සහභාගි වෙති.

ලක්ෂයකට ආසන්න ඉංදීය බෞද්ධ බැතිමතුන් ද වියට්නාම් ජාතික භික්ඛුණී බෝධිචිත්තා මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වියට්නාම් බෞද්ධ බැතිමතුන් සියයකට ආසන්න පිරිසක්ද ලාංකික බොදුනුවන් විශාල පිරිසක් ද මෙවර සාංචිමේලා උත්සවයට සහභාගි වනු ඇතැයි සාංචි-චේතියගිරි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පවසති.

 (බානගල උපතිස්ස හිමි)




A call-to-action text Contact us